ඉන්දියාවට ලකුණු 252 ක ඉලක්කයක්


ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන සිවුවැනි තරගයේ (දිවා/රාත‍්‍රි) පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිල  ඕවර 50 යේදී කඩුලූ 8 ක් දැවී ලකුණු 251 ක් රැස්කළේය. ඒ අනුව ඉන්දීය පිලට ජයග‍්‍රහණය සඳහා  ලකුණු 252 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවිය. ශ‍්‍රී ලංකාව  ඕවර 50 යේදී කඩුලූ 8 ට 251 (උපුල් තරංග 51, තිලකරත්න ඩිල්ෂාන් 42, ළහිරු තිරිමාන්න 47, දිනේෂ් චන්දිමාල් 28, ඇන්ජලෝ මැතිව්ස් 14, ජීවන් මෙන්ඩිස් 17, රංගන හේරත් නොදැවී 17, ලසිත් මාලිංග නොදැවී 15, මනෝජ් තිවාරි 61/4) ජායාරුපය : රංගන හේරත් අවසන් පන්දුවට ගැසූ හයේ පහර...