ඉන්දියාවට කොටි තවමත් අජීර්ණයි


කොටි සංවිධානය වෙත පනවා තිබූ තහනම තවත් වසර පහකින් දික් කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත.

ඉන්දියාව කොටි සංවිධානය තහනම් කරනු ලැබුවේ 1991 වසරේදීය.

 ඒ එරට අගමැති රජිව් ගාන්ධි ඝාතනය කිරීමෙන් පසුවය.

1967  නීති විරෝධි කටයුතු වැළැක්වීමේ පනත යටතේ කොටි සංවිධානය නීති විරෝධි සංවිධානයක් ලෙස නම් කළ බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.

ස්වදේශ කටයුතු  අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ එම පනත යටතේ කොටි සංවිධානය නීතිවිරෝධි සංවිධානයක් ලෙස සැලකීම තවත් අවුරුදු පහකින් දිගු කළ බවත් එය පෙරේදා 14 වැනිදා සිට  කි‍්‍රයාත්මක වන බවත්ය.

1976 ආරම්භ කළ කොටි සංවිධානය ශ්‍රී ලංකාවේ උතුරු පළාත කේන්ද්‍ර කරගෙන කි‍්‍රයාත්මක වූ අතර 2009 වසරේ මැයි  මාසයේදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් විනාශ කරනු ලැබිණි. එම සංවිධානයේ නායකයා වන වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ද එහිදි ශ්‍රී ලංකා හමුදාව අතින් ඝාතනය කෙරිණි.