ඉන්දියාව විස්සයි-20 තරගයත් ජයගනී
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මහනුවර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (07) විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති විස්සයි-20 ක‍්‍රිකට් තරගයෙන් ඉන්දියානු පිල ලකුණු 39 ක ජයක් ලැබීය.
ලකුණු 156 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 18 කදී ලකුණු 116 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.
ඉන්දියාව ඕවර 20 කදී කඩුලූ 3 ට 155 (අජික්යා රහනි 21, විරාට් කෝලි 68, සුරේෂ් රයිනා 34, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 16, ශාමින්ද එරංග 30/2)
ශ්‍රී ලංකාව ඕවර 18 කදී සියලූ දෙනා දැවී 116 (මහේල ජයවර්ධන 26, ළහිරු තිරිමාන්න 20, ඇන්ජලෝ මැතිව්ස් 31, ඉර්ෆාන් පතන් 27/3, අශෝක් ඩින්දා 19/4)

