ඉන්දියාව ලකුණු 21 කින් ශ‍්‍රී ලංකාව පරාජය කරයි
සංචාරක ඉන්දීය පිල සහ ශ‍්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අද (21) පැවැති පළමු තරගයෙන් (දිවා/රාත‍්‍රි) ඉන්දීය ක‍්‍රීඩකයෝ ලකුණු 21 ක ජයක් ලැබූහ.
ලකුණු 315 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ‍්‍රී ලංකා පිලට ඕවර 50 යේදී කඩුලූ 9 ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 293 ක් පමණි.
කුමාර් සංගක්කාර විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 151 කදී හතරේ පහර 12 ක් සමගින් ලකුණු 133 ක් රැස්කරමින් සිය 14 වැනි එක්දින ශතකය වාර්තා කළේය.
තිසර පෙරේරා වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 28 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 44 ක් රැුස්කරමින් ශ‍්‍රී ලංකාවට බලාපොරොත්තුවක් ඇති කිරීමට සමත් විය.
ඉන්දියාව ඕවර 50 යේදී කඩුලූ 6 ට 314 (විරේන්ද්‍ර සෙවැග් 96, විරාට් කෝලි 106, සුරේෂ් රයිනා 50, මහේන්ද්‍ර සිං දෝනි 35, තිසර පෙරේරා 70/3)
ශ‍්‍රී ලංකාව ඕවර 50 යේදී කඩුලූ 9 ට 293 (උපුල් තරංග 28, කුමාර් සංගක්කාර 133, දිනේෂ් චන්දිමාල් 13, මහේල ජයවර්ධන 12, තිසර පෙරේරා 44, ලසිත් මාලිංග නොදැවී 19, ඉර්ෆාන් පතන් 37/2, උමේෂ් යාදේව් 76/2, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 46/2)

