ඉන්දියාව ලකුණු රැස්කිරීම තෝරාගනී


සංචාරක ඉන්දීය පිල සහ ශ‍්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අද (21) පැවැත්වෙන පළමු තරගයේ (දිවා/රාත‍්‍රි) කාසියේ වාසිය ලැබූ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.