ඉන්දියාව කොටි සංවිධාන තහනම දික් කරයි


කොටි සංවිධානයේ ඉතිරි කණ්ඩායම් තමිල්නාඩුවේදී යළි ඒකරාශීවීමට තැත් කරතියි ලැබී ඇති බුද්ධි වාර්තා අනුව ඉන්දියා රජය කොටි සංවිධාන තහනම තවත් දෙවසරකින් දික් කළ බව ඉන්දියා රජය පවසයි. ශ්‍රී ලංකාව කොටි සංවිධානය සුන්කැර දැමූ නමුත් කොටි සාමාජිකයන් තමිල්නාඩුවේ යළි කල්ලි ගැසෙතියි කියන වාර්තා ඉන්දියා රජයට ලැබී ඇත. ඉන්දියාව මුලින්ම එම සංවිධානය තහනම් කළේ 1992දීය. සරණාගතයන් ලෙසද තමිල්නාඩුවට ඇදෙන කොටි සාමාජිකයන් තමිල්නාඩුව ඔවුන්ගේ පසු කඳවුර ලෙස යොදා ගැනීමට ඇති ඉඩකඩද බැහැර කළ නොහැකි බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පත‍්‍රය කියයි. කොටි හිතවතුන් ඉන්දියාවේ ආරක්ෂාවටද තර්ජනයක් බවත් ශ්‍රී ලංකාවේ ඔවුන් පරාජයට ඉන්දියාව වගකිව යුතු බව පවසමින් ඉන්දියාවට එරෙහි ප‍්‍රචාර ගෙන යතියිද එම පුවත්පත කියයි.