ඉන්දියාව කඩුලූ 5 කින් ජයගනී
සංචාරක ඉන්දීය පිල සහ ශ‍්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (28) පැවැති දිවා/රාත‍්‍රි තරගයෙන් ඉන්දීය පිල කඩුලූ 5 ක ජයක් ලබමින් 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණීමට සමත් විය.
ඉන්දියාව ලකුණු 287 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 49.4 කදී කඩුලූ 5 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව ලකුණු 20 කට කඩුලූ 3 ක් දැවී අසීරු අඩියක සිටියදී මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර සිවුවැනි කඩුල්ල ස`දහා ලකුණු 121 ක සම්බන්ධතාවක් පවත්වමින් ප‍්‍රබල තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.
ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 71) සහ ජීවන් මෙන්ඩිස් (නොදැවී 45) හයවැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 104 ක නොබි`දුණු සම්බන්ධතාවක් පැවැත්වූහ.
ශ‍්‍රී ලංකාව ඕවර 50 යේදී කඩුලූ 5 ට 286 (මහේල ජයවර්ධන 65, කුමාර් සංගක්කාර 73, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 71, ජීවන් මෙන්ඩිස් නොදැවී 45, සහීර් ඛාන් 39/2)
ඉන්දියාව ඕවර 49.4 කඩුලූ 5 ට 288 (ගෞතම් ගාම්බීර් 102, විරාට් කෝලි 38, මහේන්ද්‍ර සිං දෝනි 31, සුරේෂ් රයිනා නොදැවී 65, ඉර්ෆාන් පතන් නොදැවී 34, ලසිත් මාලිංග 60/2)

