ඉන්දියාව - නේපාලය කාන්තා පාපන්දු අවසන් මහ සටනට


ඉන්දියාව සහ නේපාලය දෙවැනි දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. කොළඹ සී. ආර්. පිටියේදී අද (14) පැවැති අවසන් පූර්ව තරගවලදී ඉන්දියාව ගෝල 11-0 කින් අෆ්ගනිස්තානය ද, නේපාලය ගෝල 3-0 කින් ශ්‍රී ලංකාව ද පරාජය කළේය. අවසන් මහ තරගය අනිද්දා (16) පස්වරු 3.30 සිට සී. ආර්. පිටියේදී පැවැත්වීමට නියමිතය.