ප්‍රසිද්ධ ඉන්දියානු පත්‍රකලාවේදිනියක වන ගෞරි ලන්කේෂ් මහත්මිය කර්ණාටක ප්‍රාන්තයේදී වෙඩිතබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
බැංග්ලෝර් නගරයේ පිහිටි ඇගේ නිවස ආසන්නයේ ලේ විලක් මැද ඇය වැටී සිටි බව ඉන්දියානු පොලිසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි ඝාතකයා ඇගේ හිසට වෙඩි තබා ඇති බවත් සේවය නිමවා ඇය නිවසට පැමිණෙන අවස්ථාවේ මෙය සිදුවී ඇති බවත් පොලිසිය පවසයි.
නිර්භීතව වැඩ කරන සෘජු අදහස් ප්‍රකාශ කරන්නියක ලෙස ප්‍රසිද්ධ ගෞරී මියයන විට 55හැවිරිදි වියේ පසුවූවාය. දීර්ඝ කාලයක් ටයිමිස් ඔෆ් ඉන්ඩියා පුවත්පතේ සේවය කළ ඇය පසුව ඉන් ඉවත්ව පවුලේ සාමාජිකයන් සමග එක්වී පුවත්පතක් ආරම්භ කළාය.
පසුව එයින් ද ඉවත් වූ ඇය තනිවම ගෞරි ලන්කේෂ් පැට්‍රික් ලෙස ඇගේ නමින්ම පුවත්පතක් පවත්වාගෙන ගියාය. ඇගේ පියා ද කවියකු හා ලේඛකයකු වන අතර සම්මානලාභී සිනමාකාරිණියක වන කවීතා ලන්කේෂ් ඇගේ සොහොයුරිය වේ.
හින්දු අන්තවාදීන් විසින් මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි සැකකරන බව පොලිසිය පවසයි.
(ද ගාඩියන් පුවත්පත ඇසුරිණි - 085)


