ඉන්දියා සීනි හිඟුරානෙන් කඩේට
වසර පහළොවකට පසු හිඟුරාන සීනි සමාගමෙ පළමු සීනි තොගය අද (15) පිරිසිදු කෙළේය. ගල්ඔය වැවිලි සමාගම දෙසතියකට පෙර යළි කම්හල පණ ගැන්වීය. ඉන්දියාවෙන් ගෙන්වන අමු සීනි පිරිසිදු කර බෙදා හැරීම පළමුවෙන් කරන බවත් ජූලි මාසයේ සිට උක් ඇඹරීම අරඹන බවත් සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගමිණි රත්නායක මහතා කියයි.

