ඉන්දියා යකඩත් දකුණේ දී උස්සයි


මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පාලම් වැඩට ගෙනා ඇලූමිනියම් ආලේප කළ යකඩ බාල්ක තොගයක් සොරාගෙන ඇතැයි ඉර්කෝන් ඉන්දිය සමාගම අම්බලන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇත. යකඩ බාල්ක වැදී සොරුනටතුවාල සිදුවූ බවට එතැන ලේ පැල්ලම් ඇති බවත් සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් පොලිසිය කියයි. මේ යකඩ තොගයේ වටිනාකම රුපියල් තිස්ලක්‍ෂයක් පමණ වෙයි. පොලිස් බල්ලන් රජයේ කාර්යාලයක් ළඟ නතර වූ බවත් එහි මුරකරු සොයා ගැනීමට නැති බවත් පොලිසිය කියයි.