ඉන්දියා ධීවරයෝ නිදහස්


මෙරට මුහුදු සීමාවට පැමිණ මසුන් මැරූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කැර සිටි ඉන්දීය ධීවරයන් 40 දෙනා මුදා හරින ලෙස නියෝග කළ ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් යූ එල් ඒ අස්හාර් මහතා නැවත ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ මසුන් නොමරන ලෙස  තරයේ අවවාද කළේය. ඔවුන් පැමිණි යාත්‍රාවලින්ම ඉන්දීය මුහුදු සීමවට ගෙන ගොස් මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.