යුද සමයේ මන්නාරම සහ තලෙයිමන්නාරමෙන් බෝට්ටු මගින් සරණාගතයන් ලෙස ඉන්දියාවට ගොස් සිටි හැත්තෑ දෙදෙනෙක් අද කටුනායකින් යලි දිවයිනට පැමිණියහ.
පවුල් 23ක දරුවන් 32ක් ද පැමිණි පිරිස අතර වෙති.
අවුරුදු 15-20 ක පමණ කාලයක් ඉන්දියා සරණාගත කඳවුරුවල ජීවත්වූවෝද සිටිතියි කියති.
එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිලිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් මොවුන්ට නැවත පදිංචි වීමට අවශ්‍ය සියළු පහසුකමි, ගමන් ගාස්තු සහ සුබසාදන මුදලක්ද ගුවන්තොටුපොළේදීම සැපයූ බවද කීහ.