ඉන්දියා - පාකිස්තාන් පුහුණු තරගයේ සජීවි විකාශයක්


විස්සයි20 ලෝක කුසාලන තරගාවලියට සහභාගි වන ප‍්‍රබලතම කණ්ඩායම් දෙකක් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර පුහුණු තරගය අද (17) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. පස්වරු 2.00 ට තරගය ආරම්භ වීමට නියමිතය. මෙම තරගය සජීවිව විකාශය කිරීමට ද කටයුතු යොදා තිබේ.