ඉදිරි සතිය ගැන තීරණය කරන්න 11ට රැස් වෙති


(සුජිත් හේවාජුලිගේ )

රට පුරා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කොවිඩ්  මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  අද පෙරවරු 11.00 ට රැස්වීමට නියමිතය.

කොවිඩ්  අවදානම හේතුවෙන් මෙම රැස්වීම ප්‍රථම වතාවට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීම විශේෂත්වයකි.දිවයින පුරා පසුගිය 20වැනිදා පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන 6 වැනිදා සඳුදාය.

නිරෝධායන  ඇඳිරි නීතිය පනවා අදට දින පහළොවක්  ගතවී ඇත.