ඉදිරි 24 පැයේ කාලගුණය


අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

කන්කසන්තුරේ සිට ත්‍රීකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා සහ මීගමුව සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද තැනින් තැන වැසි  ඇති විය හැකි බව ද සඳහන් කරයි.

‘දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද (15), දහවල් 12.11 අන්නලදූව, යාපනය සහ  ඔඩ්ඩුවේලි යන නගර වලට හිරු මුදුන්ව පවතී‘.