පවතින අඩු පීඩන තත්වයක් තවදුරටත් නැගෙනහිර වෙරළට ඔබ්බෙන් ස්ථානගතව පවතී. එය දිවයිනේ සහ අවට මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්වයට බලපෑම් ඇති කරමින්උතුරු දෙසට ගමන් කරමින් පවතී.
කෙසේ වෙතත් පවතින පද්ධතියේ බලපෑම හේතුවෙන් විශේෂයෙන්ම නැගෙනහිර, උතුරු, උතුරු මැද, වයඹ මධ්‍යම සහ ඌව පළාත්වලට ඇතුළුව දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි ඇති විය හැක.
දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ හරහා විටින් විට (පැ.කි.මී. 40-50 පමණ දක්වා) තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට සුළං වේගය පැ. කි. මී. 80 පමණ දක්වා ඉහල යා හැකිය.
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.
පවතින අඩු පීඩන තත්වය තවදුරටත් නැගෙනහිර වෙරළට ඔබ්බෙන් ස්ථානගතව පවතී. එය දිවයිනේ සහ අවට මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්වයට බලපෑම් ඇති කරමින්උතුරු දෙසට ගමන් කරමින් පවතී.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං ඊසාන දෙසින් හමන සුළං වේගය පැ.කි.මී. 40-50 ක් පමණ වේ. මන්නාරම, කන්කසන්තුරේ, මඩකලපුව සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැ. කි. මී. 80 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක ඉතා රළු සහ අනතුරුදායක වේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශද විටින් විට රළු වේ.
කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).

