ඉදිරි 24 පැයේ කාලගුණය


දිවයිනේ උතුරු සහ නැගෙනහිර කොටස් වල දැනට පවත්නා වැසි සහිත කාලගුණ තත්වය තවදුරටත් හෙට දිනයේදීත් බලාපොරොත්තු වන අතර ඉන් පසු මෙම තත්වය අඩු වේ. උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල සමහර ස්ථාන වලට තද වැසි (මිලී මීටර් 100 කට වඩා)  ඇතිවීමටද ඉඩ ඇත.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල උදේ කාලයේ වැසි ටිකක් සහ සවස් කාලයේ බොහෝ ප්‍රදේශවල ඇතිවන ගිගුරුම් සහිත වැසි සමග අහස වලාකුලින් බරව පවතී.

දිවයිනේ සහ දිවයින අවට මුහුදේ සුළගේ වේගය පැ කි මි 70 දක්වා වැඩිවීමේ වැඩි හැකියාවක් පවතී.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 26/11/2014   

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

28

22

95

70

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මඩකලපුව

28

22

95

80

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කොළඹ

29

23

95

75

උදැසන වැසි ටිකක් සහ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගාල්ල

29

23

90

75

උදැසන වැසි ටිකක් සහ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

යාපනය

29

24

95

70

වැසි වාර කිහිපයක්.

මහනුවර

26

19

95

80

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නුවරඑළිය

16

13

95

80

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

රත්නපුරය

29

22

95

80

උදැසන වැසි ටිකක් සහ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ත්‍රීකුණාමළය

29

23

95

75

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මන්නාරම

28

22

85

80

උදැසන වැසි ටිකක් සහ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

පෙරවරු 5ට

දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර සහ ඌව  පළාත් වල  ඇතැම් ස්ථාන  වලට තද වැසිද (මි.මී. 100 ට වැඩි) ඇති විය හැක. අනෙකුත් ප්‍රදේශ වලත් උදෑසන කාලයේදී වැසි ඇති විය හැක.

විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටින් විට ඉහළ යාමේ හැකියාවක් පවතී .

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී. 50-60 පමණ දක්වා ඉහල යා හැකි බැවින් මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).