දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව , දකුණ සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථාන වලට තද වැසි (මිලී මීටර් 100 කට වඩා) ඇතිවීමටද ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
දිවයිනට ගිණිකොණ දෙසින් පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් පොතුවිල් සිට හම්බන්තොට හරහා මාතර සහ ගාල්ල දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල ක්ෂණිකව සුළං වේගය ඉහළ යාමට ඉඩ ඇති අතර එවිට එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී. සෙසු මුහුදු ප්‍රදේශ වල ද සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.
කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).

