ඉදිරි 24 පැයේ කාලගුණය


දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විශේෂයෙන් අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට තද වැසි (මි.මී 100ට වැඩි) ද ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ද ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 25/10/2014   

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

32

23

95

70

අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

මඩකලපුව

30

24

95

70

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.

කොළඹ

30

23

95

75

අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

ගාල්ල

29

24

95

80

අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

යාපනය

31

24

95

80

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.

මහනුවර

29

20

95

70

අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

නුවරඑළිය

21

12

95

75

අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

රත්නපුරය

32

23

95

65

අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

ත්‍රීකුණාමළය

31

24

95

80

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

30

25

90

75

අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

 

 ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

දිවයින වටා  වන  මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළං වේගය පැ.කි.මී. 10-20 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

සාමාන්‍යයෙන් දිවයින අවට මුහුදු ප්‍රදේශ රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.  

කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).