කල් ඉකුත් වු සිමෙන්ති කොට්ට 2000 ක් හා සිමෙන්ති උර 20000 ක් පෑලියගොඩ නුගේ පාරේ පෞද්ගලික සිමෙන්ති ගබඩාවකින් පාරිභෝගීක අධිකාරිය මගින් අද සොයාගත්තේය.
2013 කල් ඉකුත් වු මෙම සිමෙන්ති කුඩුකර 2015 කල් ඉකුත් වන දිනය ලෙස යොදා නව ඇසුරුම්වල බහා වෙළෙදපොළට නිකුත් කිරීමට සුදානම්ව තිබු බව අධිකාරීය පවසයි.

