ඉතිරි කිරීමේ බැංකු සභාපති අස්වේ


ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ඉල්ලා අස්වීමේ ලිපිය අද රජයට බාර දුන්නේය. ද ෆිනෑන්ස් සමාගමේ කොටස් රුපියල් කෝටි 39කට මිලදී ගැනීමේ සිද්ධිය ඔහුගේ ඉල්ලා අස්වීමට හේතු විය. එම ගනුදෙනුව නීති වි‍රෝධී බව රජය කියයි.