හැත්තෑව දශකය ආරම්භයත් සමග ඉතාලියට ශ්‍රී ලාංකිකයෝ එන්නට වුහ.
එසේ මුල් අවදියේ කිසිදු හව් හරණක් නොමැතිව ඉතාලියට පැමිණි ඇතැම් ලාංකිකයින් ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් ඉහලටම පැමිණ සිටිති.
තම ස්වෝත්සාහයෙන් ව්‍යාපාර කරගෙන යන සමාජ හිතකාමී ලාංකික ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් මිලානෝ අගෝස්තිනෝ සිටිති.
විදියේ වෙළදසැල් කිහිපයක හිමිකරුවකු වන කිට්චිල් තුවාන් නසීර් වසර 20කට පෙර හම්බන්තොට සිට ඉතාලියට පැමිණියේය.
මම ප්‍රථමයෙන් ඉතාලියට ඇවිත් කාපට් කඩේක වැඩ කළා. ඉන් පස්සේ ඇමරිකානු සමාගමකට අයත් ආයතනයක සේවය කළා.
නිව්යෝර්ක් නුවර ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ලවු අල් කයිඩා ප්‍රහාරයත් සමග ඔවුන් නැවත සිය රටට ගියා.
මම එතන අවංකවම සේවය කරපු නිසා ඔවුන් නවත ඇමරිකාවට යන්න ප්‍රථම මගෙන් ඇහැව්වා ඔබට ව්‍යාපාරයක් පටන් ගන්න ඕනෑද. මම එක පයින් කැමති වුණා. ඒ අනුව බැංකු ණයක් ගන්න එම සමාගම මට උදව් කළා. මම ප්‍රථමයෙන් පටන් ගත්ත ෆුඩ් ලෑන්ඩ් තමයි මේ තියෙන්නේ. තවත් විදි දෙකක ෆුඩ් ලෑන්ඩ් දෙකක් දැම්මා. මස් වර්ග ප්‍රධාන කරගත් කඩයක් තියෙනවා. මගේ ළඟ සිංහල අය දහ දෙනෙක් විතර වැඩ කරනවා. මම ඔවුන්ගේ පඩි සල්ලි වෙලාවට ගෙවනවා.
මම නිතරම ව්‍යාපාර කටයුතු වෙනුවෙන් එංගලන්තයට යනවා. එහෙදි මම දැක්ක දෙයක් තමයි ව්‍යාපාර එකමුතුව. මෙහෙදී මම ඒක දකින්නේ නැහැ. හොඳ ව්‍යාපාරිකයන් ටික එකතු වුනොත් අපිට ලංකාවේ දුප්පත් මිනිස්සුන් වෙනුවෙන් හොඳ දෙයක් කරන්න පුළුවන්.
මෙහෙදී මම බෝහෝ පරිස්සම් වෙන්නේ දෙශපාලන පක්ෂ ශාකා සමිති හදාගත්තු අයගෙන්. ඒ අය ගාවට වැඩිය ළංවෙන්න මම ටිකක් බයයි. මොකද එහෙම ළං වෙච්ච ව්‍යාපාරිකයකු නැත්තටම නැති වුණා.
පාතාල කප්පන් ගැනීම් පිළිබදව එසැණ කළ විමසුමට තුවාන් මහතා මෙසේ පැවසිය. මටත් ඔය තර්ජන තිබුණා.
සමහර වෙලාවට එන්නේ ඉල්ලීම් විදියට . මම සත පහක් දුන්නේ නැහැ. ඉතාලි පොලිස් නිලධාරින් කිහිප දෙනෙකු මම හොදට අඳුනනවා. මම දුක් මහන්සියෙන් සාධාරණව උපයන දේ තවත් කෙනෙකුට නිකං දෙන්නේ මොකටද?
තුවාන් මහතාගෙන් සමුගත් අප තවත් එවැනිම ව්‍යාපාරික සොයා ගියෙමු. පානදුරේ සුනිල් මැල්කම් සිල්වා මහතාට අයත් විශාල ‘ලකී සෙවන්‘ ආපන ශාලාවට අප ගොඩවන විටත් සිය ගණනක් ඉතාලි ජාතිකයෝද
ශ්‍රී ලාංකික ආහාර වල රස බලමින් සිටියහ. යුරෝපිය ඇදුමින් සැරසුණු සුනිල් මහතා තම කාර්ය මණ්ඩලය සමගින් ඉතා වෙහෙසකර කාර්යක නිරතවෙමින් සිටියද එසැණ සමග කතා බහට එක් විය.
මම ඉතාලියට ඇවිත් අවුරුදු 29යි. මගේ පවුලේ සහෝදර සහෝදරියෝ 12දෙනෙක් ඉන්නවා. ඉතාලියට ආපු මට තමයි පවුලේ බර දරන්න සිද්ධ වුණේ.
මම ලංකාවෙන් එනකොට මැහුම් පිළිබඳව හොද දැනීමක් තිබුණා. ඒ පිළිබඳව මම ඉතාලියෙදිත් පස්සේ එංගලන්තයට ගිහිනුත් වැඩිදුර අධ්‍යාපනය ලැබුවා.
මට ඕනෑ වුයේ මෙහෙ අපේ අය කරන සාම්ප්‍රදායික රැකියා රටාවෙන් මිදි වෙනත් දෙයක් කරන්නයි. බොහෝම දුක් මහන්සියෙන් උපයපු මුදල් ටිකක් එකතු කර මම මේ ආපන ශාලාවේම කොටසක පුංචියට වෙළද සලක් දැම්මා. බතික් වගේ අපෙ රටේ දේ තමයි එතන තිබුණේ. පස්සේ මේ ආයතනය කරන්න බැහැ කියල ඉතාලි අය මේක අතහැර දාන්න හැදුවා.
මම මේ ආයතනය මිලදී ගෙන වැඩි දියුණු කළා. අබලන් තැන් මම හොදට හැදුවා. දැන් මේ ආයතනයේ ලොකු ආපන ශාලාවට අමතරව උත්සව ශාලා දෙකක් තියෙනවා. ඉස්සර ලොකු ලාබයක් තිබුණා.
දැන් හරිම අමාරුවෙන් යන්නේ. මට තරග කරන්න වෙලා තියෙන්නේ චීන ආපන ශාලා හිමිකරුවන් සමගයි. 2011දි මම මේ ආයතනය පවත්වාගෙන යන්න පඩි නඩි ගෙවන්න යුරෝ එක්ලක්ෂ අනුදහසක් ලංකාවෙන් ගෙනාවා.2012දි අසු පන්දහසක් ගෙනාවා. මම කොළඹ තට්ටු හයක බිල්ඩිමක් හැදුවා රිය ගාලක්. එයින් මට මාසිකව රුපියල් ලක්ෂ දොළහක් එනවා. ඒ මුදලින් කොටසක් මෙහාට ගෙනැල්ලා තමයි දැන් මේ ආයතනය පවත්වාගෙන යන්නේ. කොහොම හරි ආර්ථිකය යතා තත්වයට ගෙන්න ඕනෑ. මම බොහෝ දෙනාට උදව් කර තියෙනවා.
තුන්සියයකට ආසන්න පිරිසක් ඉතාලියට ගෙනැවිත් තියෙනවා. අනන්ත අප්‍රමාණ රැකියා සොයා දීලා තියෙනවා. මගෙන් උදව් ගත්තු සමහර අපේ අය තමන්ගේ දු දරුවන්ගේ උපන්දින සාද වගේ දේවල් ගන්නේ වෙනත් ජාතීන්ට අයත් ආපන ශාලාවල. පසුගිය වසර කිහිපයේ හැම අවුරුද්දකටම ඇස් කණ්නාඩි 20000ක් ලංකාවට ගෙනිහින් නොමිලේ බෙදුවා. නමුත් දැන් මම එක නැවැත්තුවා.
මොකද රේගු නිලධාරීන්ගෙන් හරි කරදර වුණා. ඉතාලියේ මුල්ම පන්සල හදන්න මුල් වුණෙත් මම. යුරෝපයේ පළවැනි වෙසක් තොරණ ඉදි කිරීමට සම්පුර්ණ මුදල් දුන්නේ මම. මල් ආසන බුදු කුටිය මගේ මුදලින් තමයි නිම වුණේ. තුන් දහසකට හාර දහසකට දෙන දන්සල මගේ දායකත්වය කොතෙක්ද කියලා ඒ පන්සලේ හිටපු අය දන්නවා. ඇතිවුණු කලකිරීම මතම මම ඒ සියලු දෙයින් දුරස් වුණා. මොන බාධා ආවත් මගේ ව්‍යාපාර කටයුතු මම ඉදිරියට ගෙනියනවා.
විශේෂ ස්තුතිය, චින්තන චන්දන කුමාර මහතාට.