( චන්දන ප‍්‍රනාන්දු )
ඉතාලියේ මිලාන් නගරයේ උද්‍යානයකදි විදේශිය බාලවයස්කාර දැරියක්ව දුෂණය කිරිමේ චෝදනාව යටතේ ලාංකික 40 හැවිරිදි විවාහකයෙක් සැකපිට අත් අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය (27) දා සවස නගරයේ තිබු උද්‍යානයක ලාංකිකයන් පිරිසක් සමඟ බියර බොමින් සිටියදි ඒ අසලින් ගමන්ගත් මෙම කොන්ගෝ ජාතික දැරිය සමඟ කතාබහා කර කුළුපග වි පසුව අතවරයක් කර ඇති බවට තොරතුරු හෙළි වු බවට එරට පොලිසිය පැවසු බව එරට මාධ්‍ය වාර්තා කරයි
මෙම දැරිය පැය කීපයක් නිවසට ඒම ප‍්‍රමාද වීම නිසා සොයා බැලිමේදි දැරියගේ මාපියන්ට තමන්ට සිදු වු අතවරය සම්බන්ධයෙන් පැවසිමෙන් අනතුරුව ඇගේ දෙමාපියන් පොලිසියට කල දැනුම් දීමක් මත එදිනම 40 හැවිරිදි ලාංකිකයාව අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම චෝදනාව සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් දි ඇති ලාංකිකයා පවසා ඇත්තේ තමන් ඇය බාලවයස්කාර දැරියක් බව නොසිතු බවත් ඇගේ කැමැත්තෙන් සිදු වු දෙයක් බවත්ය.
අතරවරයට ලක්වු කොන්ගෝ ජාතික දැරිය මිලාන් නගරයේ මංජගාලි රෝහලට වෛද්‍ය පරික්ෂණයක සඳා ඇතුල් කර ඇති අතර එහිදි ඇයට අතවරයක් වි ඇති බවට වෛද්‍ය වාර්තා අනුවද තහවුරු වු බවද පොලිසිය පවසා ඇත.
සැකකාර ලාංකිකයා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.