ඉතාලියේ සුළු චලන 1000ක්


රිච්ටර් මාපංකයේ 4.3ක ප‍්‍රබලත්වයේ භූමිකම්පාවකින් ඉතාලියේ මෝදනා නගරය බ‍්‍රහස්පතින්දා යළි හෙල්ලූම් කෑවේය. පසුගිය විසි වැනිදා සිට අද වනවිට සුළු චලන දහසක් පමණ වාර්තා විය. පහළොස් දහසක් පමණ අවතැන් වී විස්සකට වැඩි පිරිසක් මියගොස් 350 දෙනකු පමණ තුවාල ලබා සිටින බවත් වාර්තා විය. වාසස්ථාන අහිමි වූවන්ට නිවාස ඉදිකැර දීම සඳහා යුරෝ කෝටි 250ක් (රුපියල් කෝටි 41250ක්) වෙන්කැර ඇත. ශ්‍රී ලාංකිකයන් කිසිවකුටත් අනතුරුක් වී නැත. අවතැන් වූ ශ්‍රී ලාංකිකයෝ 35 දෙනෙක් කූඩාරම්වල ජීවත් වෙති