ඉතාලියේ පොදු ස්ථාන වසාදමයි


කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන කොරෝනා වයිරසය හේතුවෙන් රට පුරා තිබෙන කෞතුකාගාර, රංගශාලා සහ සිනමාශාලා මෙන්ම අනෙකුත් පොදු ස්ථාන වසා දැමීමට ඉතාලි බලධාරීන් පියවර ගෙන ඇත.

ඉතාලි අග්‍රාමාත්‍ය ජුසෙප්පේ කොන්තෝගේ නියෝග මත බලධාරීන් එම පියවර ගෙන ඇත.

රටවල් 95කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් තිබනෙ නව කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් සිදුව ඇති යුරෝපා රට බවට පත්ව ඇත්තේ ඉතාලියයි.

උතුරු ඉතාලියේ ප්‍රදේශ රැසක ගමනාගමන සීමා කරමින් සම්පූර්ණ නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර තිබෙන අතර රටපුරා තිබෙන පාසල්, රාත්‍රී සමාජශාලා මෙන්ම කැසිනෝ ද වසා දැමීමට රජය නියෝග කර ඇත.

අග්‍රාමාත්‍යවරයාගේ නියෝග රාජ්‍ය වෙබ් අඩවියේද පළ කර ඇති අතර ප්‍රදේශ රැසක සිදුවන නිරෝධායන ක්‍රියාවලි හේතුවෙන් මිලියන 15කට වැඩි පිරිසක් නිවෙස්වල සිරවී සිටින බව වාර්ත වේ.

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ව්‍යාප්ත වීමට පටන් ගත් වයිරසය මේ වනවිට රටවල් 95කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් තිබේ.

කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියෙන් මරණ 230ක් වාර්තා වන අතර චීනයට පිටතින් වාර්තා වන වැඩිම මරණ ගණන ද එයයි.

ඒ.එෆ්.පී.

055