ඉතාලියේ ගිහින් කුඩු විකුණා කොටුවේ


ඉතාලියේ සුන්දර වැනීසියට යාබද මෙස්ත්‍රේ නගරයේ වේර්දි මාවත හා ඒ අවට තරුණ තරුණියන්හට මත්ද්‍රව්‍ය විකිණු බව කියන ශ්‍රී ලාංකිකයෙකුවන  ශ්‍රී ලාංකිකයෙක් (49) මෙස්ත්‍රේ පොලීසියේ මත්ද්‍රව්‍යනාශක අංශයමගින් අත්අඩංගුවට ගනු ලැබීය. වේර්දිමාවත හා ඒඅවට යම්දෙයක් තරුණ තරුණියන්ට විකුණනු දුටු ඉතාලි ජාතිකයෝ මොහුගැන පොලීසියට දැනුම් දුන්හ.

 පොලීසිය මොහුගේ පදිංචි නිවස සෝදිසිකරඇත. තවත් ලාංකිකයකු සමග කුඩා නිවසක් බෙදාගෙන ජීවත්වුමොහු බවත් , එහි තිබී හෂීෂ්  ග්‍රෑම් 700ක්,පැකට්කිරීමට යොදාගන්නා තරාදියක් , යූරෝ නෝට්ටු  සියයක් ද ඔහුගේ හඳුනාගැනීමේ බලපත්‍රයද හමුවී ඇත.

ඉන්පසු ඔහු පැමිණෙන තුරු රැක සිටි පොලීසියට නිවසට එද්දි විටදී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇත. එවිටද මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් පොලීසිය භාරයට ගෙන ඇත.