ඉතාලියේ 8000ක් අවතැන්


උතුරු ඉතාලියේ භූමිකම්වෙන් අඩු ගණනේ අටදහසකට පමණ උන්හිටි තැන් අහිමි වී ඇතැයි ඉතාලි රජය කියයි. කඩා වැටුණු නිවසක සුන්බුන් අතර සිරී විටි 65 හැවිරිදි කතක් බේරාගත් බව සහන සේවකයෝ කියති. පෙරදින රාත්‍රියේ සිට සුළු භූමි චලන 60ක් පමණ සිදුවූ බවත් රජය කියයි. 17 දෙනෙකු මිය ගිය බවත්, ඉන් වැඩි දෙනා තමන් සිටි ස්ථානවල සුන්බුන් වලට යට වීමෙන් මියගිය බවත් රජය පවසයි.