ඉතාලියෙදී ගුවන් ටිකට් ගන්නේ බලාගෙනයි


ඉතාලියේ සිටින ඇතැම් ශ්‍රී ලාංකිකයන් ගුවන් ටිකට් විකිණීමේ ආයතන අටවාගෙන ශ්‍රී ලාංකිකයන්ටම වංචා කරන අවස්ථා වැඩිවී ඇතැයි පැමිණිලි ලැබී තිබේ. ඇතැමුන් ශ්‍රී ලංකාවට යෑමට සහ ඒමට ‘ටිකට්‘ පත් විකුණා මුදල් ගනියි. පරිගණකයෙන් නිකුත් කරන එම ටිකට්පතින් ආපසු ඒමට නොහැකි බව රෝමයේ ශ්‍රී ලාංකිකයෙක් කියයි. ඔහු මේ ගැන පැමිණිලි කළ විට මුදලින් අඩක් දී ඉතිරිය නොදී මගහරිතියි කියයි. බ්‍රෙසියා නගරයේ ලාංකිකයකු එවැනි ගනුදෙනුවකින් යුරෝ 650ක් වංචා කළැයි ඉතාලි පොලීසියට පැමිණිලි කර ඇත. මෙවැනි වංචාවලට අසුවන බොහෝ දෙනෙකු පාඩුව විඳගෙන නිසොල්මනේ සිටිතියි කියති.