ඉතාලි සංස්කෘතික උළෙල නොවැම්බරු 3


විදේශගත ශ්‍රී ලාංකික දරුවන්ගේ සිංහල භාෂා ඇල්ම බැල්ම වැඩි දියුණු කිරීම, සිංහල සංස්කෘතිය පිළිබඳව ඔවුන් දැනුම්වත් කිරීම, ශ්‍රී ලංකාවට ලාංකිකයකු ලෙස නැවත පැමිණෙන දරුවකු බවට පත්කිරීම ආදී කරුණු මුල් කැරගෙන දෙවැනි වරටත් මිලානෝ සාහිත්‍ය කලා උළෙල දොන් බොස්කෝ ශාලාවේදී නොවැම්බර් 3 වැනි දා පැවැත්වීමට නියමිතය.  සංස්කෘතික ඇමැති ටී.බී. ඒකනායක මහතා ප්‍රධාන  ආරාධිතයාය.  අවුරුදු 6 -16 අතර දරුවන්ගේ  තරග  පසුගිය දා නිමා විය. කවි, ගීත, නාට්‍ය, ජන නැටුම් ද, චිත්‍ර ඇඳීම, අත් අකුරු, රචනා, කථික තරග ද, අභිරූපන තරග ද ඒ අතර විය. රෝහණ බැද්දගේ සහ මුදියන්සේ දිසානායක මහත්වරු තරග විනිශ්චය කළහ.