ඉතාලි ලාංකිකයෝ මැසිවිලි නඟති.
ඉතාලියේ දුරබැහැර නගරවල ජීවත්වන ශ්‍රී ලාංකිකයනට එහි රෝම අගනුවර ශ්‍රී ලාංකා තානාපති කාර්යාලයයෙන් සලසන සේවා සිමාසහිත වී ඇතැයි ද ජුලි අගෝස්තු මාසවල දි හී‍්‍ර ලංකාවට යෑමට සිටින අයගේ ලියැවිලි සකසා ගැනීම ප‍්‍රශ්නයක් වී ඇතැයි ද දැනගන්නට ඇත. කාර්ය මණ්ඩලය හිඟයක් මීට බලපාතියි ශ්‍රී ලාංකිකයෝ කියති. තානාපති අසිත පෙරේරා මහතාගෙන් මේ ගැන විමැසිමට ගත් උත්සාහය අසාර්ථක විය. නියෝජ්‍ය තානාපති අරුණ රණරාජා මහත්මියගෙන් ඇසුවිට පිළිතුරුදීම ප‍්‍රතික්‍ෂේප කළාය, කොන්සියුලර් නිලධරයාගෙන් තොරතුරු ගන්නැයි ඇය කීවාය. එම නිලධාරියා ද දුරකථනයට සම්බන්ධ කැර ගත නොහැකිවිය.

