ඉතාලි ලාංකිකයන්ට අනතුරක් නෑ


උතුරු ඉතාලියේ භූමිකම්පාවෙන් 16 දෙනෙකු මිය ගොස් 350කට තුවාල සිදුවී ඇතත් ශ්‍රී ලාංකිකයන් කිසිවකුටත් අනතුරක් වී ඇති බවට තොරතුරු නැතැයි ඉතාලි සහන සේවකයෝ කියති. සඳුදා රාත්‍රියේද රිච්ටර් මාපකයේ 4.2ක ප්‍රබලත්වයේ භූමිකම්පාවක් සිදුවිය. ඉදිරියේදී තවත් භූමිකම්පා ඇතිවිය හැකි බව ඉතාලි රජය අනතුරු අඟවයි.