ඉතාලිය හා ශ්‍රී ලංකාව අතර මිත්ත්‍රත්වය තර කැර ගැනිමට මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයන් දක්වන සහයෝගයට අනුග්‍රහයක් ලෙස ශ්‍රී ලංකාවට රෝහලක් තෑගි කිරීමට යන ඉතාලි දේශපාලනඥයින් පස් දෙනකු පිළිගැනීමේ උත්සවයක් මිලානෝ නුවරදී ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිතය.
මේ හමුවට ඉතාලියේ ප්‍රවාහන හා යටිතල පහසුකම් අමාත්‍යය මව්රිසියෝ ලුපි ,පාර්ලිමේන්තු මන්ත්‍රී ලුකා ස්ක්වේරී,මුදල් හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යය ලුයිගි කසේරෝ, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන එල්නා වෙන්තරම්රෝ මහත්මිය හා මව්රිසියෝ බර්නාඩෝ මහතා පැමිණිමට නියමිතය.
මෙදින ශ්‍රී ලාංකික කලා සංදර්ශනයක්ද මානව ශිෂ්ටාචාරයේ හා ශ්‍රී ලංකාවේ වැදගත්කම ගැන ඉතාලි ජාතික රූපවාහිනියේ මාධ්‍යවේදී ලුකා නොවෙල්ලි දේශනයක්ද පැවැත්වීමට නියමිතය.

