ඉතාලි ලංකා ගෙදරක පිහි ඇනුමක්
ඉතාලියේ බ්‍රෙෂියා නුවර ශ්‍රී ලාංකික නිවසක අඹු සැමි අවුලකට මැදිවූ නෑයකුගේ උදරයට ඉරිදා අලූයම පිහියෙන් අනින ලදැයි සැකපිට සමීප නෑයෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
අඟල් 22 ක පිහියෙන් ඇනීමේ සිද්ධිය සැලවූ වහාම එහි ආ ඉතාලි පොලිසිය තුවාලකරුට ප‍්‍රථමාධාර දී රෝහලට යවා සැකකරු අසල පාරක සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. මාසයක් පමණ තම නිවසේ නවාතැන්ගෙන සිටි නෑනාට පසුදා ඉන් පිටවී යන ලෙස මස්සිනා විසින් තර්ජනය කරන ලදැයි ඉතාලි පුවත්පත් පවසයි.

