ඉතාලි ලංකා ගෙදරක පිහි ඇනුමක්
ඉතාලියේ බ්‍රෙෂියා නුවර ශ්‍රී ලාංකික නිවසක අඹු සැමි මතබේදයකට මැදිවූ බිරියගේ සොහොයුරියගේ උදරයට ඉරිදා අලූයම පිහියෙන් අනින ලදැයි සැකපිට ගෙහිමියා අත්අඩංගුවට ගනු ලැබීය.
අඟල් 22 ක පිහියෙන් තම නෑනාට ඇනීමේ සිද්ධිය සැලවූ වහාම එහි ආ ඉතාලි පොලිසිය තුවාල කාරියට ප‍්‍රථමාධාර දී රෝහලට යවා සැකකරු අසල පාරක සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. මාසයක් පමණ තම නිවසේ නවාතැන්ගෙන සිටි නෑනාට පසුදා ඉන් පිටවී යන ලෙස මස්සිනා විසින් තර්ජනය කරන ලදැයි ඉතාලි පුවත්පත් පවසයි.

