ඉතාලි භූමිකම්පාවෙන් මරණ තුනයි


ඉතාලියේ අද අලුයම ඇතිවූ භූමි කම්පාවෙන් ඉතාලියේ එමිළියා රොමාඤ්ඤා මෝදනා දිස්ත්‍රික්කයේ කම්කරුවන් තිදෙනෙක් මරුමුවට පත් වූහ. ඔවුහු කම්හල් සේවකයෝ ය. රිච්ටර් මාපකයේ 5.9ක අගයක් මේ භූමි කම්පාවේ ප්‍රභලත්වය අනුව ගොඩනැගිලිවලට හානි සිදුවිය හැකි බව භූ විද්‍යාඥයෝ කියති. භූමිකම්පා අනතුරු ඇඟවීමත් සමග බොහෝ දෙනා අද අළුයම් කාලයේ ගත කර ඇත්තේ මහ පාරේය.