උතුරු ඉතාලිය අද උදේ හෙල්ලූ භූමි කම්පාවේ ප්‍රභලත්වය රිච්ටර් මාපකයේ 5.8 ක් විය. පාදෝවා ප්‍රදේශයේ ගෙවල් දැඩි ලෙස හෙල්ලුම් කෑ බව එහි ශ්‍රී ලාංකිකයෝ කියති. ජීවිත හානි පිළිපඳ කිසිවක් ක්ෂණිකව වාර්තා වූයේ නැත. පසුගිය 20 වැනිදා අලුයම සිදුවූ භූමි කම්පාවෙන් ඉතාලි වැසියෝ අට දෙනෙක් මරුමුවට පත්වූහ.
උතුරු ඉතාලියේ කිලෝ මීටර් 9.6ක් පොළොව යට මේ භූමි කම්පාව සිදුවූ බව ඇමෙරිකාවේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය කියයි. ඉතාලියේ බොලෝනියා නගරයට කිලෝමීටර් 40ක් දුරින්ද, පාර්මා නගරයට කිලෝමීටර් 59ක් දුරින්ද, වෙරෝනා නගරයට කිලෝ මීටර් 70ක් දුරින්ද, රෝමයට කිලෝමීටර් 343ක් දුරින්ද තිරස් අතට මේ භූමි කම්පාව සිදුවී ඇත.