ඉතාලියේ 2014 සංචාරක වෙළඳ පොළ 34 වැනි වතාවටත් ඉතාලියේ ප්‍රධාන කාර්මික නගරය වන මිලානෝ රෝ වෙළඳ මධ්‍යස්ථානයේදී පසුගිය 12-14 යන දිනයන්හි දී ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 100 ට වඩා සහභාගීත්වයෙන් පැවත්විණි.
මේ සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සංචාරක ආයතන 14 සහභාගී විය. ඊසානදිග යුරෝපීය රටවල සංචාරකයින්ගේ පැමිනීම වැඩිවී තිබෙන අතර පසුගිය කාලයට වඩා ඉතාලියෙන් 60% වර්ධනයක්ද,ප්‍රංශයෙන් 50%වර්ධනයක් ද ඇති වු බව එහිදී කියැවිණි.
ඉතාලියේ සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනිමට මෙහි සිටින 150000 ක පමණ ලාංකීක ජනයා දැනුම්වත් කිරීමෙන් ද සහ ඉතාලියේ හොඳ ඉගෙනීමක් ලබා සිටින ලාංකීක දෙවැනි පරපුර මෙම කර්මාන්තයට යොදාගැනීමෙන් ද සාර්ථක ප්‍රථිඵල ලබාගත හැකි යැයි ක්‍රිස්ටල් හොලිඩේස් අධිපති වන්සා හෙට්ටිආරච්චි මහතා කීවේය.
එසේම ඉතාලියේ මාධ්‍ය දැනුවත්කර මීට වඩා ප්‍රසිද්ධියක් ලබාදිය යුතු බවත්.ඔහු පැවැත් වු ශ්‍රී ලංකා වෙළඳකුටිය දර්ශනීය අන්දමින් සකස්කරමින් සියළු දේ සම්බන්ධිකරණ කටයුතු සිදුකරන ලද්දේ ඉතාලියේ රෝම ශ්‍රි ලංකා තානාපති කාර්යාලය විසිනි.

