ඉතාලියේ නව තානාපති නාවලගේ බෑනට් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ප්‍රථම තානාපති ජංගම සේවය ලබන සෙනසුරාදා හා ඉරිදා දින මිලානෝ ලංකාරාම විහාරස්ථානයේදි පැවැත්විමට නියමිතය.
තානාපති බැනට් කුරේ එසැණට කියා සිටියේ මිලානෝ නුවරට පසු පලෙර්මෝ නාපෝලි හා වෙරෝනා නගරයන්හිදී තානාපති ජංගම සේවයන් පවත්වන බවයි.
රෝමයේ සිටින ශ්‍රි ලාංකිකයිගේ සුබසිද්ධිය පතා බ්‍රහස්පතින්දා දින සවස 4.30 තෙක් තානාපති කාර්යාලය විවෘතව තබන බවත් පිට පළාත් හි ශ්‍රි ලාංකිකයින් වෙනුවෙන් ජනවාරි මස සිට සෑම මසකම පලමුවන ඉරිදා දින තානාපති කාර්යාලව විවෘතව තබන බවත් ඒ මහතා පැවසීය.
ඉරිදා සේවය තානාපති කාර්යාල නිළධාරින් සුවෙච්ඡාවෙන් කරන සේවයක් බවද සෙනසුරාදා හා ඉරිදා දින මිලානෝ නුවර ජංගම සේවයට පෑමිනෙන ශ්‍රි ලාංකිකයෙකුට තමාව මුණ ගෑසිමට අවශය නම් ඒ සදහා කිසිවෙකුගෙන් අවසර ගතයුතු නැති බවත් තානාපති කියයි.