ඉතාලි ගෝන්ප‍්‍රී අයෝමය ශූරයා ශ්‍රී ලංකාවේ අනුරුද්ධ
ඉතාලියේ නාපෝලි නගරයේ පැවැති ‘ඉතාලි විවෘත ගෝන්ප‍්‍රී ක්ලැසික්’ අයෝමය ශූරයා තේරීමේ තරගාවලියේදී රටවල් 29 ක ක‍්‍රීඩකයන් පරදවමින් ශ්‍රී ලංකා ක‍්‍රීඩක අනුරුද්ධ සේනාරත්න ජය ලැබීය.
යුරෝපීය රටවල් ගණනාවක නමගිය අයෝමය ශූරයන් සහභාගි වු මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක අනුරුද්ධ ලබාගත් මෙම ජයග‍්‍රහණය එරට මාධ්‍ය ඔස්සේ වැඩි කතා බහට ලක්ව ඇතැයි ද වාර්තාවේ.
කිලෝග‍්‍රෑම් 75 බර පංතියෙන් තරගවදින අනුරුද්ධ ජාතික තරගාවලියේදී දෙවැනි ස්ථානය දිනා තිබේ. ඔහු 2005 වසරේදී කොරියාවේ පැවැති ආසියානු කායවර්ධන තරගාවලියට ද සහභාගිවී ඇත.

