ඉතාලියේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකුට එරෙහිව පාර්නා නගරයේ සිංහලෙන් කැලෑ පත්තර ඇලවූ පුද්ගලයකුගේ තොරතුරු නගරයේ ආරක්ෂිත වීඩියෝ කැමරාවලින් සොයා ගත් කැරිබ්මේරි පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට සොයයි.
පසුගිය 26 වැනිදා අලුයම 12.33ට ෆියට් පුන්තෝ මෝටර් රියකින් ආ පුද්ගලයකු එම කැලෑපත්තර අලවනු එම කැමරාවේ සටහන් වී තිබේ.
ඒ අනුව ඔහු කවුදැයි හදුනාගෙන ඇත.
එම පුද්ගලයා වෙන්නප්පුවෙන් ඉතාලි ගිය අයෙකියි කියති.
කැලෑපත්තර ගසා ඇත්තේ සිලෝන් කොපරතිවා නම් සංවිධානයකට එරෙහිවය. එහි ප්‍රධානියාද ශ්‍රී ලාංකිකයෙකි.