ඉතාලි ගමක ඉන්දු ලංකා ගැටුමක්


 ඉතාලියේ බ්‍රෙෂියා නගරය  ආසන්නයේ ඇති   විල්ලනුවොවා ගමේ ලාංකිකයන් හා ඉන්දියා  ජාතිකයන් අතර මහ රෑ සනර්දෙල්ලි මාවතේදී අතින් පයින් සහ පොලු ගසා ගත් බවත්, මේ දුටු ඉතාලි ජාතිකයන් පොලිසියට දැන්වූ බවත් පොලිසියෙන් පැමිණ පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් කියති.

 තුවාලකරුවෝ ගවාර්දෝ රෝහලට ඇතුලත් කරනු ලැබූහ. පොලිසිය පවසන්නේ මෙම ගුටිබැට හුවමාරුවට සහභාගිවු සියලුදෙනාම නීත්‍යනුලව ඉතාලියේ ජීවත්වන අය බවයි.

 මේ පිරිස ජුලිමස 19 වැනිදා උසාවියට ඉදිරිපත්කිරිමට නියමිතය.