ඉතාලි ගණකාධිකාරි සල්ලි සොරකම
ඉතාලි ජාතික ගණකාධිකාරිවරයකුගේ යුරෝ ලක්‍ෂ දෙක හමාරක් (රුපියල් හාරකෝටි තිස් ලක්ෂයක්) සොරකම් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් නාත්තන්ඩියේ කලහේ ලොකුගේ හරීන්ද්‍ර රුපියල් විසි දහසක මුදල් හා රුපියල් ලක්‍ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මාරාවිල මහේස්ත‍්‍රාත් චන්දන කලන්සූරිය මහතා නියෝග කළේය.
ඔහුගේ ගමන් බලපත‍්‍රය උසාවිය බාරයේ තබන ලෙස ද හැම ඉරු දිනකම පොලිසියේ පෙනී සිටින ලෙස ද ඔහුට නියම කැරිණි.
සොරකමට පෙනී සිටි පුද්ගලයා ජයලත් ගෝඨාභය වික‍්‍රමසිංහ හා හරේන්ද්‍ර බන්දුල ලොකුගේ නම්වලින් පෙනී සිටි බව පොලිසිය අධිකරණයට දැන්වීය. හරින්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ සොරකම් කළ පුද්ගලයා තම සේවාදායකයා නොවන බවයි.

