ඉතාලි එල්ලේ ඉරිදා


ඉතාලි ශ්‍රී ලංකා සහයෝගිතා සංවිධානය මෙහෙයවන එල්ලේ තරගාවලියක් ජූනි 17 වැනි ඉරිදා බ්‍රෙෂියා සාන්ත බර්තලමේයෝ ක‍්‍රීඩා පිටියේදී පැවැත්වේ. වීවර කුසලානය යටතේ පිරිමි කණ්ඩායම් හයක්ද කාන්තා කණ්ඩායම් හතරක් තරග වැදීමට සූදානම් අතර තවත් කණ්ඩායම් කිහිපයක් ඉදිරිපත් වීමට නියමිත බව සංවිධායකයෝ කියති.