ඔක්තෝබර් පළමු වැනි දා ඉතාලියේ ලෙච්චේ නගරය ආසන්නයේ සලෙන්තෝ ප්‍රදේශයට බෝට්ටුවකින් පැමිණි ලාංකිකයෝ ,පකිස්තාන් සහ ඇෆ්ගන් ජාතිකයෝ 45 දෙනෙකු ගොඩ බැස ඇති බවත්, සියලුදෙනාම හොඳ සෞඛ්‍යයෙන් සිටින බවත් ඉතාලි පොලිසිය පවසයි.
එසේම ඉතාලියේ මධ්‍යධරනී මුහුදේ පිහිටි ලම්පෙදූසා දූපත ආසන්නයේ සෝමාලි සහ එරික්‍රියා ජාතිකයන් 500 පමණ රැගත් බෝට්ටුවක් මුහුදුබත්වීමන් 300 පමණ මියගොස් ඇතැයි ද කියති.
තවද ඉතාලි නාවික හමුදාව විසින් 155 දෙනෙක් බේරාගෙන බේරා ගනු ලැබූහ.
උදව් ඉල්ලීම සඳහා යම්දෙයක් ගිනිතැබීමෙන් ගින්නක් හටගැනීමෙන් බෝට්ටුව ගිනි ගන්නට ඇතැයි ද, මෙම යාත්‍රාව ලිබියාවෙන් පිටත්වීයැයි ද ,මීටර් 20 පමණ දිගින් යතුයැයි ද කියති.
මීට සතිදෙකකටපමණ පෙර සිසිලි දූපතට ළඟා වු යාත්‍රාවකින් සරණාගතයින් 14 දෙනෙකුට පහරදී මුහුදට තල්ලුකිරිමෙන් මරණයට පත්වීඇත.
එසේම 1996 නත්තල්දින සිසිලිදුපත අසල ලාංකික,ඉන්දියා සහ පකිස්තාන් ජාතිකයෝ 283නෙක් ද මරුමුවට පත්වූහ.

