ඉඩෝරයට පොද වැස්සක්


දැඩි නියඟයක් පවතින උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වලට අද මද වැසි පතිත වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වියළි කාලගුණයක් ඇති ප්‍රදේශවලට ප්‍රමාණළවත් තරම් වැස්සක් අපේක්ෂා කළ හැකිවන්නේ සැප්තැම්බර් මුල් සති දෙකේදී අන්තර් මෝසම් සක්‍රීය වීමෙන් පසුව බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.