කැනියොන් හා ලක්ෂපාන ජලාශ පිටාර මට්ටමට ළඟාවීමත් සමග එක් වාන් දොරටුවක් බැගින් විවෘත කළ බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. කඳුකර පෙදෙස් වලට තවමත් මහ වැසි ඇදහැලෙමින් පවතින බැවින් නාය යාම් ඇතිවීමේ අවධානමක් ද හටගෙන තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ අධික වැසි පවතින පෙදෙස්වවල පදිංචිකරුවන් නායයාම් පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි.
කඳුකරයට හා බස්නාහිර පළාත ඇතුළු මධ්‍යම කඳුකරයේ නිරිත දිග බෑවුම් ප්‍රදේශයට මහ වැසි ඇති වුව ද නියඟය බලපවත්නා දිස්ත්‍රික්ක 14 ක ලක්ෂ 12ක පමණ පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. නියං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ හැත්තෑ දෙකක ජල මට්ටම සියයට 16ට වඩා අඩු මට්ටමක පත්ව ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බවයි. ජලය නොමැතිවීම හේතුවෙන් පුද්ගලයන් 473,125ක් එම දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව සිටින බව දැනගන්නට ඇත.

