ඉඩම් ලියාපදිංචිය විද්‍යුත් ක්‍රමයට


( ජයන්ත සමරකෝන් )

ඉඩම් ලියාපදිංචි කිරීමේදී මෙතෙක් අනුගමනය කළ පත්තිරු ලිවීමේ ක්‍රමවේදය වෙනුවට අන්තර්ජාලය ඔස්සේ  ලියාපදිංචි  කිරිමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන් බව  රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු  රාජ්‍ය ඇමැති මහින්ද  සමරසිංහ  මහතා අද (19)  පැවසීය.

 
ඒ අනුව පැරණි  ලේඛන ඡායාරූපගත ගත කිරීමත් නව වැඩපිළිවෙළ යටතේ සියලුම ලේඛන (පත්තිරු) නව තාක්ෂණය යටතේ ‘විද්‍යුත්  පිටපත්‘ ලෙස නිකුත් කිරීමට හැකියාව ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
 
අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී  රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 

මෙම නව ක්‍රමවේදය යටතේ ඉඩම් ලියාපදිංචිය  ඉදිරි මාස දෙක තුළ ආරම්භ කළ හැකි වන අතර එය සිංහල,දෙමළ හා ඉංග්‍රීසී යන භාෂා ත්‍රිත්වයෙන්ම එය සිදු කෙරෙන  බවද  ඇමතිවරයා පෙන්වා දුන්නේය.
 
 මේ ආකාරයට ඉඩම් විද්‍යුත්  ක්‍රමයට ලියාපදිංචි කිරීම සමඟම ඉතා අඩු  කාලයක් තුළ ඉඩම් හිමිකම් පිළිබඳව  දිනක් තුළ පත්තිරු නිකුත් කිරීමට හැකි වීම හා නොතාරිස්වරුන් හරහා ඉතා කඩිනමින්   ඒවායේ පිටපත් ලබා ගැනීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබා දෙන බවද ඔහු කීවේය.
 
 මෙම නව ක්‍රමවේදය යටතේ ඉඩම් ලියාපදිංචිය  ඉදිරි මාස දෙක තුළ ආරම්භ කළ හැකි වන අතර එය සිංහල,දෙමළ හා ඉංග්‍රී යන භාෂා ත්‍රිත්වයෙන්ම සිදුවන බවද හෙතෙම පෙන්වා දුන්නේය. මෙම ‘ඊ ඉඩම්‘ ලියාපදිංචිය ක්‍රියාත්මක වීමත් සමඟම අවම කාලයක් තුළ ඉඩම් හිමිකම් ලියාපදිංචි එක් දිනක් තුළ පත්තිරු පරිත්‍යාග කිරීමට හැකි වීම හා නොතාරිස්වරුන් හරහා ඉතා කඩිනමින්   ඒවායේ පිටපත් ලබා ගැනීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබා දෙන බවද ඔහු කීවේය.