
(නිශාන්ත කුමාර)
තියුණූ ආයුධයකින් රහස් ප්‍රදේශයට පහරදීමෙන් වෘෂණ කෝෂය කැපී බරපතල තුවාල ලැබූ පුද්ගලයකු රෝබේරිය ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ පිටමාරුව සූරියගොල්ල ගම්මානයේ පදිංචි වයස අවුරුදු 41 ක අවිවාහක පුද්ගලයෙකි.
ඉඩම් ආරවුලක් සහ පෞද්ගලික කෝන්තරයක් ගැටුමට හේතු වී ඇත.
කිසියම් කටයුත්තක් සඳහා තම වත්තට ගොස් ආපසු එමින් සිටියදී රාත්‍රී 08.30 ට පමණ මග රැක සිටි පුද්ගලයෙකු සරම ගලවා අතෙහි වූ පිහියකින් වෘෂණ කෝෂය කපා තුවාල සිදුකල බව තුවාලකරු පවසයි.
පිහියෙන් කැපීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ඔහුගේ ඥාතීන් විසින් රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තුරුත් කිසිවෙකුත් පොලීසිය වෙත පැමිණිලි කර නොමැති අතර රෝහල මගින් පොලිසිය වෙත දැනුම් දීමට නියමිතව තිබිණි.

