ඉංජිනේරු වෙසින් කතුන් රැවටූ අයෙක් අත්අඩංගුවට


බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

සිවිල් ඉංජිනේරුවකු බව පවසා තරුණියන්ට විවාහ පොරොන්දු දී ඔවුන් සතු දේපල හා මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි.

පෙදරේරුවකු වන අත්අඩංගුවට ගත්  පුද්ගලයා මේ වන විට කාන්තාවන් 100 අධික ප්‍රමාණයක් ඇසුරු කර ඇති බවත් ඔහු සන්තකයේ තිබු ජංගම දුරකතන සිම් කාඩ්පත් හතරෙහි තිබු අංක අනුව අනාවරණය වු බව පොලිසිය කියයි.

ඔහු එලෙස වංචා කර සන්තකයේ තබා ගෙන සිටි මෝටර් රථයක් , ලැප්ටෝප්, පරිගණකයක් හා මුදලින් රුපියල් පනස් දහසක මුදලක් පොලිසිය බාරයට ගෙන තිබේ.